ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ලියනොල් මෙසී කිරුළු පළදයි

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී 2022 වසරේ ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස කිරුළු පැළැඳුවේය. 

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සංවිධාන කරන “ද බෙස්ට්” පාපන්දු සම්මාන උළෙලේදී ඔහුට මෙම සම්මානය හිමිවිය.

2022 වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී, ප්‍රංශයේ කරීම් බෙන්සමා සහ කිලියාන් ම්බාපේ නිර්දේශ වී සිටියේය.

එහිදී අභාවප්‍රාප්ත ප්‍රවීණ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ වෙනුවෙන් විශේෂ සම්මානයක් ප්‍රදානය සිදු කළ අතර පේලේ වෙනුවෙන් ඔහුගේ බිරිඳට එම සම්මානය ප්‍රදානය කළේ, සුපිරි බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ විසිනි.

වසරේ දක්ෂතම පාපන්දු පුහුණුකරු ලෙස සම්මාන දිනා ගත්තේ, ලෝකශූර ආර්ජන්ටිනා කණ්ඩායමේ පුහුණුකරු ලියනොල් ස්කැලෝනි ය.

මේ අතර වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාව සම්මානය අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගැනීමට ස්පාඤ්ඤයේ ඇලෙක්සියා පුටෙයාස් සමත් විය.

Leave a Reply