ලොරියක් ප්‍රපාතයකට පෙරලි අනතුරක්

නුවරඑළිය, ලබුකැලේ තේ කර්මාන්ත ශාලාවක් අසලදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.

අද (05) පෙරවරුවේ ලබුකැලේ ප්‍රදේශයේ පිහිටි එළවළු ගොවිපොළකින් එළවළු ප්‍රවාහනය කරමින් තිබිය දී එම අනතුර සිදුව ඇති අතර එහිදී නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක්ද එම අනතුරින් තුවාල ලබා තිබේ.

එම ලොර රථය අධික වේගයෙන් ධාවනය කර ඇති ලොරි රථයේ වේගය පාලනය කිරීම සඳහා රියදුරු තිරිංග ක්‍රියාත්මක කිරීමේදී ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී ගොස් ප්‍රපාතයට පෙරළී අනතුර සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබු පිරිස කොත්මලේ පොලීසියේ නිලධාරින් සහ ලබුකැලේ ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කර තිබේ.

ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ ලොරි රථයේ 15දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් එක් අයෙකු ලොරි රථය පෙරළෙන අවස්ථාවේ ඉන් බිමට පැන බේරී ඇති බවත් තුවාල ලැබු 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද පොලිසිය පවසයි.

Leave a Reply