ලිංගික උත්තේජනයට බොන බෙහෙත් නිසා මරණවල ඉහළයාමක්

ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළයෑමක් නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ ඉරේෂා දේශානි සමරවීර පවසයි.

ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපාන බවද ඇය සදහන් කර තිබේ.

හිතුමතේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීම හේතුවෙන් සිදුවන පුද්ගල මරණවල වැඩිවීමක් දැක ගැනිමට හැකි බවත් ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම, මාත්‍රාව නොදැන ලබාගැනීම සහ වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙවැනි ඖෂධ භාවිත කිරීම මෙම මරණවලට හේතුවක් වි ඇති බව සදහන් තිබේ. 

වයස අවුරුදු 20-25 කාණ්ඩවල අයත් වයස අවුරුදු 40-45 කාණ්ඩවල අය මෙම තත්ත්වයට යොමුව ඇති බවත් බොහෝ තරුණයින් මෙම ලිංගික උත්තේජන ඖෂධ අත්හදාබැලීම් සඳහා භාවිතා කර ඇති බවද ඇය සදහන් කර තිබේ.

මාසෙකට සිද්ධි දෙකක් තුනක් වගේ වාර්තා වු බවත් ඉහළ අගයක් බවත් එම නිසා මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කල යුතු බවද ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply