ලිංගික අපයෝජන චෝදනා එල්ලවු ධනුෂ්කට සහනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඒ අනුව ඉවත්කරගෙන ඇති බව එරට මාධ්‍ය සඳහන් කළේය.

කෙසේවෙතත් එක් චෝදනාවක් තවදුරටත් පවත්වාගෙන යන බව රජයේ නීතීඥයන් නඩුව අද (18) විභාගයට ගත් අවස්ථාවේදී දන්වා සිටියේය

ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “Downing Centre” අධිකරණයේදී කැඳවා තිබේ.

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවක් හා මිත්‍රවී ඇති ගුණතිලක පසුව ඇයව ඇයගේ කැමැත්තෙන් තොරව දුෂණය කළ බවට චෝදනා එල්ල විය.

සිඩ්නි පොලීසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නීතිඥයින් එහිදී කරුණු හෙළිකළේය.

මෙම නඩුව ජූලි 13 වනදා නැවත කැඳවීමට නියමිතය

Leave a Reply