ලාදුරු රෝගය හිස ඔසවයි

පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1,325 දෙනකු වාර්තා වී ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් වශයෙන් සහතික කර ඇතත් මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2,000ක් පමණ වාර්තා වන බව අධ්‍යක්ෂවරයා පවසයි.

එම රෝගීන්ගෙන් සියයට 40% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එයිනුත් සියයට 50% ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.

වාර්තා වන රෝගීන්ගෙන් සියයට 10% පමණ වයස අවුරුදු 15ට අඩු ළමයින් බවත් ශරීරයේ සමේ පැහැයට වඩා පැහැයෙන් අඩු සැක සහිත ලපයක් ඇත්නම් ළඟම ඇති රජයේ රෝහලේ සමේ රෝග සායනයට ගොස් පරීක්‍ෂා කරවා ගත යුතු බව කී වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ වෙනම මධ්‍යම ලාදුරු සායනයක් තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

ලාදුරු යනු කුමක්ද ?

  • ලාදුරු යනු Mycobacterium leprae නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි.

  • ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාධිත බිඳිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවේ.

  • මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර මේ සඳහා නිශ්චිත වාහකයෙකු හඳුනාගෙන නොමැත.

  • ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ නොවේ.

  • ලාදුරු රෝගය පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම හා සුව කිරීම කළ හැක.

  • ලාදුරු රෝග විනිශ්චය ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ සායනයේදී රෝග ලක්ෂණ හඳුනා ගැනීම මගිනි.

  • ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ය.

  • ලාදුරු රෝගයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ දුබලතා ඇති වීම මගින් ඵලදායීතාව අහිමි වීමයි.

  • මෙම දුබලතා ලාදුරු රෝගය නිසා ඇති වන ප්‍රතික්‍රියා නිසා ඇති වන අතර ඕනෑ ම අවස්ථාවක එනම් ප්‍රතිකාර සම්පූර්ණ කිරීමෙන් පසු පවා ඇති විය හැක.

  • කලින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් මෙම දුබලතා බොහෝ දුරට වළක්වා ගත හැක.

ලාදුරු සම්බන්ධයෙන් මෙරට ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ප්‍රථම ලාදුරු රෝහල ලන්දේසි පාලන සමය තුළ, ක්‍රි.ව. 1708 දී ස්ථාපනය කරන ලදි.ලොව ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය.

වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි.

ලාදුරු මර්දන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ 1954 වසරේදී ය.1995දී ලාදුරු මර්දන ඉලක්කයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එම නිසා 2001දී ලාදුරු සේවාවන් සාමාන්‍ය සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන ලදී. කෙසේ වෙතත්, තවමත් නව ලාදුරු රෝගීන් 2000 ක් පමණ වාර්ෂිකව වාර්තා වේ

One thought on “ලාදුරු රෝගය හිස ඔසවයි

Leave a Reply