ලන්ඩනයේ සිට පැමිණ යාපනය මුහුදේ අවසන් ගිය දරුවා

යාපනය, වඩමාරච්චි නැගෙනහිර මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු හයක දරුවකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි මරදන්කේණි පොලිසිය පවසයි.

මෙසේ මුහුදේ ගිලී ජීවිතක්ෂයටපත්ව ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පුදුකරන් වයස අවුරුදු හයක පිරිමි දරුවෙකි.

මියගිය දරුවා එංගලන්තයේ ලන්ඩන් හි පදිංචිකරුවකුවන අතර ඔහු සිය මව සහ පියා සමඟ ඥාතියකුගේ මළගෙදරකට සහභාගී වීම සඳහා පසුගියදා මෙරටට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

මව සහ පියා දරුවා ඥාතියකුගේ නිවසෙහි නතර කර මළගෙදරට සහභාගීවිම සඳහා පිටත්වගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

දරුවා සිටි ඥාති නිවස මුහුද අද්දර පිහිටා ඇති බවත් දරුවා කිසිවෙකුට නොපවසා මුහුදට දියනෑම සඳහා බැස ඇති බව පොලිසිය පවසයි.

මුහුදේ ඇති රළු ස්භාවය හේතුවෙන් දරුවා මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් මැදිහත්ව දරුවා බේරාගෙන යාපනය මරදන්කේණි රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇත

Leave a Reply