ලංකාගම රිය අනතුරකින් ප්‍රංශ තරුණියක් ජිවිතක්ෂයට

විදෙස් සංචාරකයන් පිරිසක් රැගෙන ගාල්ල සිට නෙළුව ලංකාගම ප්‍රදේශයට සංචාරය සඳහා පැමිණි වෑන් රථයක්  මාර්ගයේ ඉවතට පැන අද (26) සවස සිදුවූ අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක් මියගොස් තවත් විදේශිකයන් දෙදෙනකු තුවාල ලබා නෙළුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 22 ප්‍රංශ ජාතික තරුණියකි.

ලංකාගම කොලොන්තොටුව ප්‍රදේශයේ බෑවුමකදී තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් මෙම වෑන් රථය අනතුරට පත් වී ඇතැයි පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply