රෝහල්වල පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා දකුණු පළාතේ වෛද්‍යවරු විදී බසි

රෝහල්වල පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා  රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අද (17) දහවල් දකුණු පළාතේ උද්ඝෝෂණයක නිරත වුහ.

ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය, රෝහල්වල ඖෂධ හිඟය, උපකරණ හිඟය , ඖෂධ මා‍ෆියාව, වංචා සහ දුෂණ ඇතුලු ක්‍රියාකාරකම් වලට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අද (17) දහවල් කරාපිටිය රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදි. 

මේ වන විට රජයේ රෝහලවල දැඩි ඖෂධ සහ උපකරණවල හිඟයක් පවතින අතර හදිසි මිලදි ගැනිම්වලට යාමට සිදුවුවහොත් සියයට හාර සියයකට වැඩි මුදලක් ගෙවිමට සිදුවන බව උද්ඝෝෂණයයේ නිරත වෛද්‍යවරුන් පවසයි. 

රෝහලකට අවශ්‍ය මුලික අවශ්‍යතාවයන් ටිකවත් ලබාදිමට ආණ්ඩුවට නොහැකිව තිබෙන බවත් මෙහි අවසන් ප්‍රතිපලය වන්නේ වෛද්‍යවරුන් රටහැර යාම බවත් පෙන්වාදුන් ඔවුන් කියා සිටියේ සමහර පුද්ගලයින්ගෙන් රුපියල් බිලියන පන් සියක බදු මුදලක් අයකර ගැනිමට නොහැකි ආණ්ඩුව අසාධාරණ ලෙස බදු පනවා ඇති බවය.

මෙම විරෝධතාවයට ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ රෝහලවල වෛද්‍යවරු එක්ව අතර මීට අමතරව මාතර මහ රෝහල සහ හම්බන්තොට මහ රෝහල් ඉදිරිපිටද මෙලෙස උද්ඝෝෂණයක නිරතව තිබේ.

Leave a Reply