හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් රාත්‍රී කාලයේ තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු පැදිකරුවන් 11 දෙනකු සමග යතුරු පැදි 11ක් අද අලුයම අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පන්නිපිටිය කොට්ටාව ඇරැව්වල හා පිළියන්දල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි 18 – 30 අතර වයසේ පසුවන තරුණයන් එකොළොස් දෙනකු බව පොලීසිය පවසයි.
මෙම තරුණයින් විවිධ වර්ගයේ යතුරු පැදි භාවිතා කරමින් හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය හන්දියේ සිට ටන්කබෝඩ් හංදිය දක්වා තරඟයට යතුරුපැදි ධාවනයේ යෙදී ඇති අතර මේ පිළිබඳව ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් අද (19) අලුයම 2 ට පමණ එම ස්ථානයට ගොස් මාර්ග බාධක යොදා යතුරු පැදි 11 පැදිකරුවන් සමඟ මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම යතුරු පැදි විවිධ වර්ගයේ යතුරු පැදි වන අතර ඒවායේ අධික ශබ්දය පිට වන ලෙස සැකසූ සයිලන්සර් , විවිධ වර්ගයේ නලා සහ විදුලි ලාම්පු සවි කර තිබූ බව ද පැවසේ.