රුහුණු සරසවියේ තාක්ෂණික පීඨය සතියකට සඳහා වැසේ

රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සඳහා වසා දමා ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පවසයි

ඊයේ (26) රාත්‍රියේ එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇතිවූ සිදුවීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර අද පස්වරු 2.00ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් සිසුන්ට පිටවන ලෙස දන්වා ඇත.

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ආශ්‍රිතව ඇතිවූ ඝෝෂාකාරී ශබ්දයක් ගැන ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව තොරතුරු සොයාබැලීම සඳහා එහි පාලකවරයා එම ස්ථානයට ගොස් තිබෙන බව වාර්තාවේ.

නැවත නේවාසිකාගාර පාලකවරයා සිය නවාතැන වෙත පැමිණි අවස්ථාවේ එහි පැමිණි සිසුන් පිරිසක් විසින් ඔහුගේ බිරිඳට සහ මවට පහරදී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

අදාළ සිසු පහරදීමෙන් තුවාල ලැබූ පාලකවරයාගේ බිරිඳ සහ මව ආඳපාන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *