රුහුණු කුමාරි ගිනි ගනි – දිවි බේරාගත් 7 දෙනෙකු ගාලු වරායට

මීගමුව ධිවර වරායෙන් මුහුදු ගොස් සිටියදි ගිනි ගැනිමට ලක්වු රුහුණු කුමාරි නමැති බහුදින යාත්‍රාවේ සිටි ධිවරයින් හත් දෙනා ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අද (12) උදෑසන ගාල්ල දක්ෂිණ නාවික කඳවුර වෙත ගෙනෙන ලද බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

ධිවරයින් හත් දෙනෙකු සමග පෙරේදා (10) මිගමුවෙන් මුහුදු ගොස් ඇති මෙම බහුදින යාත්‍රාව නාවික සැතපුම් 60ක් පමණ දුරදි ඊයේ (11) ගිනි ගැනිමට ලක්ව ඇත.

එම අවස්ථාවේ මුහුදට පනින ලද ධිවරයින් ඒ අසළින් යාත්‍රාකරමින් සිටි වෙළඳ නෞකාවක් මගින් බේරාගෙන ඇත.

පසුව ශ්‍රි ලංකා නාවික හමුදාවේ ගජබාහු නෞකාව වෙත අද අලුයම 2.20ටපමණ ඔවුන් බාරදිමෙන් පසු වෙනත් යාත්‍රාවක් ගොස් ගාල්ල දක්ෂිණ නාවික කඳවුර වෙත ගෙනැවිත් තිබේ.

ගාල්ල වරාය පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙනයනු ලැබේ.

Leave a Reply