රුසියාව අල්ලාගත් යුක්රේන පළාත්වලට හමුදා නීතිය පනවයි

රුසියන් හමුදා විසින් යටත් කර ගැනීමෙන් පසු, රුසියාවට එක් කර ගැණුනු යුක්රේන පළාත් සදහා හමුදා නීතිය (Martial law) පැනැවීමේ නියෝගයකට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

රුසියන් හමුදා විසින් යටත් කර ගැනීමෙන් පසු රුසියාව යටත් කරගත් පළාත් වන්නේ කෙර්සෝන්, ලුහාන්ස්ක්, සැපරොස්සියා සහ ඩොනෙක්ස්ය. මෙම පළාත් රුසියාවට ඇදා ගැනීම සිදුවූයේ ජනමත සමීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව බවද එම වාර්තා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වනවිට යුක්රේන හමුදා කෙර්සෝන් පළාත යළි අත්පත් කර ගැනීම සදහා දරුණු සටන් ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply