රුසියාවේ ප්‍රබල භූමිකම්පාවක්

රුසියාවේ Kamchatka කලාපයේ නැගෙනහිර වෙරළ ආසන්නයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව යුරෝපීය මධ්යධරණී භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) පවසයි.

මෙම ප්‍රබල භූමිකම්පාව කිලෝමීටර් 100 ක් ගැඹුරින් ඇති ව ඇති බවද එම ආයතනය පවසයි.

මේ අතර මෙම භූමිකම්පාවෙන් පසු එම ප්‍රදේශයට හෝ අවට කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කලේය.

භූමිකම්පාවෙන් සිදුවූ ජීවිත දේපළ හානි පිළිබඳව තවමත් වාර්තා වී නොමැති අතර මෙම භුචලනයෙන් එම ප්‍රදේශයට හානි සිදුවන්නට ඇති බව භූවිද්‍යා අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply