රුසියානු රතු කුරුල්ලා මත්තලට

සංචාරකයන් 412 දෙනෙකු රැගත් රෙඩ් වින්ග් (Red Wing) රුසියානු ගුවන් යානය අද (29) පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.

බෝයිං 777 වර්ගයට අයත් ගුවන් යානයක් මොස්කව් නුවර සිට මෙලෙස පැමිණ තිබේ.

මෙම ගුවන් යානය රුසියාවේ අවුරුදු 23 ක් පැරණි ගුවන් සමාගමක් වන “ Red Wing ” සමාගමට අයත් එකකි.

මෙම ගුවන් යානය අද සිට සතියට ගුවන් ගමන් වාර දෙකක් මොස්කව් සහ මත්තල අතර පියාසර කිරිමට නියමිතව ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *