රුසියානු ජාතිකයා හික්කඩුව මුහුදේ ගිලි මරුට

හික්කඩුව නාරිගම මුහුදු වෙරලේ දිය නාමින් සිටි විදේශිකයෙකු ඊයේ (07) සවස මුහුදේ ගිලි මියගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 29 හැවිරිදි රුසියානු ජාතිකයෙකි.

ඔහු නතරව සිටි නාරිගම හෝටලය පිටුපස මුහුදේ අද සවස නාමින් සිටියදි දියේ ගිලි ඇති අතර පසුව එම හෝටලේ ජිවිතාරක්ෂක කණ්ඩායම විසින් ඔහුගේ සිරුර සොයාගෙන ගොඩට ගෙනැවිත් කරාපිටිය රෝහලට යවා ඇත.

වැඩිදුර පරික්ෂණ හික්කඩුව පොලිසිය විසින් සිදුකරගෙන යනු ලැබේ.

Leave a Reply