රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක්

යුක්රේනයේ සිදු වූ යුද අපරාධවලට වගකිව යුතු බවට චෝදනා කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට එරෙහිව හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අද (17) වාර්තා කළේය

රුසියාව සිය යුක්රේනය වසරක් පුරා ආක්‍රමණය කිරීමේදී සිය හමුදා කුරිරුකම් සිදු කර ඇති බවට එල්ල වන චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇත.

නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පුටින් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම අපරාධ සඳහා පුටින් මහතා තනි පුද්ගල සාපරාධී වගකීම දරයි යැයි විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබෙන බවත් ඒ සදහා වරෙන්තු ක්‍රියාත්මක කිරීමට තමන්ගේම පොලිස් බලකායක් නොමැති අධිකරණය තවදුරටත් පැවසීය.

රුසියානු ජනාධිපති කාර්යාලයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරිය වන Maria Alekseyevna Lvova-Belova ද මෙවැනිම චෝදනා මත අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය

රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියේ පාර්ශවකරුවෙකු නොවන අතර ඒ යටතේ කිසිදු වගකීමක් නොදරන බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply