රුසියානු ගුවන් යානයක් කඩාවැටී 65 දෙනෙකු මරුට

රුසියානු හමුදා යානයක් යුක්‍රේනය ආසන්න දේශ සීමාවේදී කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස කඩා වැටි ඇත්තේ රුසියානු ගුවන් හමුදාවට අයත් IL-76 වර්ගයේ ගුවන් යානයකි.

දකුණු බෙල්ගොරෝඩ් ප්‍රදේශයට එම යානය කඩා වැටී ඇති බවත් එම අවස්ථාවේදී එම යානය තුළ පුද්ගලයින් 65 දෙනෙකු සිටි බවත් ඔවුන් සියලුම දෙනා මෙම අනතුරින් යානයේ සිටි සියලුදෙනා මියයන්නට ඇතැයි එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය

යුක්‍රේන යුද සිරකරුවන් මෙලෙස මෙම ගුවන් යානයේ ගමන් කල පිරිසක් බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

ගුවන් යානය කඩා වැටෙන අයුරු අවට සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇත.

Leave a Reply