රුසියානු ගැබිණි කත මුහුදු රකුසාගෙන් බේරා ගනියි

අම්බලන්ගොඩ පටබැඳීමුල්ල වෙරළතීරයේ මුහුදේ දිය නාමින් සිටියදී පෙරේදා (27) සවස මුහුදේ ගිලෙමින් සිටි රුසියානු ජාතික ගැබිණි ගැබිනි කාන්තාවක් බේරා ගැනීමට අම්බලන්ගොඩ තරුණයකු වන සංජය කුමාර සමත්ව තිබේ.

මෙසේ ඔහු විසින් දිවි බේරා ගනු ලැබ ඇත්තේ මෙරට සංචාරයක් සඳහා අම්බලන්ගොඩ පටබැඳිමුල්ල සංචාරක නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටින රුසියානු කාන්තාවකි.

තමා ගැබිණියක බවත් මුහුදේ ගිලිමින් සිටියදී සිය ජීවිතය පවා නොතකා මෙම තරුණයා තමා බේරා නොගත්තේ නම් තමාට මරණය අනිවාර්ය බවද හැඟුම්බරව ඇය පවසයි.

Leave a Reply