රුසියානු කාන්තාවකගේ ඩොලර් 600ක් උස්සලා

හික්කඩුව වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික විදේශීය කාන්තාවගේ කාමරයේ සේප්පුවේ තිබූ ඩොලර් 600ක මුදලක් සොරකම් කරගෙන ගොස් ඇති බව⁣ පොලිසිය පවසයි.

මෙම රුසියන් ජාතික කාන්තාව මෙම  හෝටලයේ නවාතැන් ගෙන සිටින බවත් ඇල්ල ප්‍රදේශයේ සංචාරය සදහා ගොස් පෙරේදා (20) රාත්‍රියේ තම කාමරයේ සේප්පුව පරික්ෂා කිරිමෙදී මෙම මුදල් නැතිවි ඇති බවට හෝටල් කලමණාකරුට දැනුම් දිමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිකඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *