රුසියානුවා බෙන්තොට මුහුදේ ගිලි මරුට

බෙන්තොට මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු අද (26) සවස දියෝ ගිලි මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 53 හැවිරිදි රුසියානු ජාතිකයෙකි.

ඔහු බිරිඳ සමග බෙන්තොට සංචාරක හේටලයක නවාතැන් ගෙන සිට ඇති අතර අද සවස දෙදෙනා මුහුදේ නාමින් සිටියදි රල පහරට හසුව ගසා ගෙන යමින් සිටියදි ජිවිතාරක්ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසින් එක්ව බේරාගෙන බෙන්තොට ග්‍රාමිය රෝහල වෙත ගෙන ගොස් ඇත.

එහිදි වෛද්‍යවරයා පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවය.

පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර බලපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.

Leave a Reply