රුපියල් තුන් ලක්ෂ අසු දහසක් සමග බාල වයස්කාර පෙම් යුවල අත් අඩංගුවට

පියාගේ රුපියල් තුන් ලක්ෂ අසු දහසක්ද සොරකම් කරගෙන පාදුක්කේ සිට ගාල්ල නගරයට පැමිණ  සිටි බාල වයස්කාර පෙම් යුවලක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක පදිංචි 14 හැවිරිදි සිසුවියක් සහ කඩුවෙල පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.

මෙම දෙදෙනා පෙරේදා (02) රාත්‍රි ගාල්ල නගරයේ සිටියදි මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරින් කණ්ඩායමක් ඔවුන් ගැන සැක සිති ප්‍රශ්ණ කර ඇත. එහිදි අනාවරණයවි ඇත්තේ ඔවුන් පාදුක්ක සහ කඩුවෙල පදිංචිකරුවන් වන අතර නිවෙස්වලට හොරෙන් ගාල්ලට පැමිණ ඇති බවය. 

පසුව දෙදෙනා අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට බාරදි ඇත. එහිදි කරන ලද ප්‍රශ්ණ කිරිමේදි අනාවරණයවි ඇත්තේ සිසුවාගේ පියා සති පොලවල වෙළඳාම් කරන අයෙකු වන අතර මෙයට මාස දෙකකට පමණ පෙර සති පොලකට පැමිණි අවස්ථාවේ සිසුවා සිසුවිය සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවය. 

ගාල්ල නගරයට ගොස් කොත්තු රොටි කා එමු යනුවෙන් පවසා සිසුවා පියාගේ රුපියල් තුන් ලක්ෂ අසු දහසක මුදලක්ද සොරකම් කරගෙන සිසුවිය සමග පෙරේදා රාත්‍රි ගාල්ලට පැමිණ ඇත. එසේ පැමිණ සිටියදි පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.

ඔවුන් දෙදෙනා ඊයේ සවස කරාපිටිය රෝහලේ ‍අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *