රිලවුන්ට තිබ්බ වෙඩිල්ල දියණිය රෝහලට යවයි

ගෙවත්තට පැමිණි රිලව් රංචුවක් එළවීමට වායු රයිෆලයකින් පියා තැබූ වෙඩිල්ල වැදි තරුණියක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

රිලවු රංචුවක් ගෙවත්තට පැමිණ ගස්වල ගෙඩි කා විනාශ කර දමමින් සිටියදි තරුණියගේ පියා නිවසේ සිට ඔහුට අයත් වායු රයිෆලයෙන් වෙඩි තැබීමට සූදානම් වෙද්දී දියණිය සමග මිදුලේ  සෙල්ලම් කරමින් සිටි බල්ලා රිලා රංචුව දෙසට දිව ගොස් ඇත.

එහිදි රිලවුන් විසින් බල්ලා සපාකාවි යැයි  බියට පත් තරුණිය බල්ලා අල්ලා ගැනීමට බල්ලා පිටු පසින් දිව යන අවස්ථාවේ රිලවුන්ට තැබූ වෙඩිල්ල දියණියට වැදී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *