රිය අනතුරු තුනකින් තුන්දෙනෙකු මරුට

අනුරාධපුරය, මාතර සහ බත්තරමුල්ල ප්‍රදේශවල ඊයේ (11) සිදු වූ මාරක රිය අනතුරුවලින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

ඉන් එක් අනතුරක් අනුරාධපුර – බණ්ඩාරනායක මාවතේ ඉසුරුමුණිය ඔරලෝසු කණුව අසල දී යුද හමුදා ට්‍රක් රථයක ත්‍රිරෝද රථයක් ගැටී 22 හැවිරිදි ගල්කුලම ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව ඇත

එමෙන්ම මාතර – අකුරැස්ස මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව විදුලි පහන් කණුවක ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව විසි තුන් හැවිරිදි යතුරුපැදි කරු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය පවසයි.

එසේම බත්තරමුල්ල – මාලඹේ මාර්ගයේ කොස්වත්ත ප්‍රදේශයේදීද යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී සිදු වූ අනතුරින් 28 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *