කුරුණෑගල වැව රවුම් මාර්ගයේ දී සිදුවු අනතුරකින් මාස නවයක බිලිදෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, බමුණුගෙදර, කුරුණෑගල පදිංචිකරුවන් පිරිසකි.
යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එහි රියදුරු ට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කනුවක ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු හා පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙක් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ අතර සිටි බිලිඳා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.