රිය අනතුරකට ලක්වු තරුණයෙකුගේ මළ සිරුරක් කොටගලින් හමුවෙයි

හැටන්- නුවරඑළිය මාර්ගයේ කොටගල මේෆීල්ඩ් මංසන්ධියේ මාර්ගය අසල වැටී තිබු පුද්ගල මළසිරරුක් අද (12)  සොයාගත් බව දිඹුලපතන පොලීසිය පවසයි. 

මෙසේ මිය ගොස් ඇත්තේ බලංගොඩ, මොරහැල, මැදගමමැද්ද ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි තරුණයෙකුගේ බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය සොයා ගන්නාවිට සිරුරේ බාහිර තුවාල තිබු බවත්, මෙම පුද්ගලයා රිය අනතුරකට ලක්වන අයුරු ඒ අසල සවි කොට තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති බවට පොලීසිය විසින් සිදු කරන ලද මුලික පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. 

ස්ථානීය මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසුව අධිකරණ මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබින. මේ පිළිබඳව දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු  කරනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *