රියදුරුගේ නින්ද සිසුවියන් 12ක් රෝහලට යවයි

කෑගල්ල නගරයේ ප්‍රධාන පාසලක සිසුවියන් හා ගුරුවරියන් රැගත් ලංගම බස් රථයක මෝටර් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ සිසුවියන් 12 දෙනෙක් ගුරුවරියන් දෙදෙනකු හා මෝටර් රථය පැදවු රියදුරා තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.

අරණායක බලා ගමන් කරමින් සිටියදි කෑගල්ල විකල්ප මාර්ගයේ නුවර සිට කෑගල්ල නගරය දෙසට ධාවනය වු මෝටර් රථයක් එහි ගැටී මෙම අනතුර සිදුව ඇත.

මෝටර් රථය දුටු ලංගම බස් රථයේ රියදුරා තම බස් රථය මර්ගයේ වම් පසට අයින් කර ඇත. නමුත් වේගයෙන් පැමිණි මෝටර් රථය බස් රථයේ ඉදිරිපස දකුණු පස වැදීම නිසා බස් රථයේ සිටි සිසුවියන් බස් රථය තුළ වැටි තුවාල ලබා තිබේ.

මෙම අනතුර මෝටර් රථයේ රියදුරාට නින්ද යාම නිසා සිදුවු බවට පොලීසිය සැක කරන අතර අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply