රෑ කෑමට පොල් ගෙඩියක් අහුලන්න ගිය තරුණයෙකු විදුලි සැර වැදී මරුට

මහනුවර, කුණ්ඩසාලේ විදුරගේවත්ත ප්‍රදේශයේ තරුණයෙකු රාත්‍රී ආහාර වේල සකස් කිරිම සඳහා පොල් ගෙඩියක් අහුලා ගැනිමට ගිය අවස්ථාවේ ඊයේ (25) රාත්‍රියේ විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

මව හැරගොස් ඇති මෙම නිවසේ පියාට කලාතුරකින් ලැබෙන කුලී වැඩකින් අඩුපාඩු සපුරා ගෙන තිබු අතර බොහෝ අගහිඟකම්වලින් පිරි එම නිවසේ පදිංචිව සිටියේ පියා, වැඩිමහල් පුතු සහ බාල දියණිය බව වාර්තාවේ.

ඔවුන්ට ඊයේ රාත්‍රී වේල සරිකරගන්නට අවශ්‍ය ප්‍රමාණවත් අමුද්‍රව්‍ය මුළුතැන්ගෙයි තිබී නොමැත. පසුව අසල ගෙවත්තේ තිබූ පොල් ගසකින් පොල් ගෙඩියක් බිමට වැටුණු බවට වූ ශබ්දය ඇසීමෙන් සිය නැගණිය සමග නිවසින් බැහැරට ගිය මේ තරුණයාට එම ප්‍රදේශයේ කිසිවෙකු ඌරන් සඳහා ඇටවූ විදුලි රැහැනක ගැටී මෙම අවසනාවත සිද්ධිය සිදුව තිබේ.

විදුලි සැර වැදීමෙන් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකි.

Leave a Reply