රාජකාරි කටයුතු කරන අවස්ථාවේදී අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට Facebook, Whatsapp වැනි සමාජ මාධ්‍යවල කාලය ගත කිරීමෙන් වලකින්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය
ඒ මහතා මෙසේ පැවැසුවේ එම අමාත්‍යාංශයේ අද (2) පෙරවරුවේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.
“විශේෂයෙන්ම තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන් නමුත් උදේ පටන් ගත්තාම ඒකේ Facebook, Whatsapp මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් මුළු දවසම දුරකථනයත් එකක් සම්බන්ධවෙලා ඉන්න එපා. මොකද මම දැකලා තියෙනවා මම ගිය ගොඩක් ඒවයේ අර ආපූ මිනිස්සු දිහා බල බල කරන පළවෙනි වැඩේ තමයි දුරකථන ඇමතුම් ගන්න එක නැතිනම් Facebook යන එක. ඒ හින්දා මම දන්නවා පුද්ගලික අංශයේ අද වෙනකොට එනකොට ජංගම දුරකථනය ලොකර් එකේ දාලා එන්නේ. යනකොට තමයි දුරකථනය දෙන්නේ. ඒ මට්ටමට මේක අරගෙන යන්නේ නැතිව අවශ්‍ය වුණොත් ඒ පියවර ගන්න බැරිකමකුත් නැහැ. ඒ නිසා මම කින්නේ මෙහෙට විතරක් නෙමෙයි මුළු රජයේ සේවයට. ඒ කියන්නේ ඒක අධික්ෂණය කළයුතු වෙනවා.