මුහුදු රළ පහරට හසුවු හතරදෙනෙකුගේ ජිවිත බේරාගනි

පානදුර මුහුදේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනකු සහ තරුණයන් දෙදෙනකු රළ පහරට හසුව දියඹ දෙසට ගසාගෙන යද්දී ඔවුන් සිවු දෙනා බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීහු සමත්ව තිබේ.

ගෝනපල, ඔලබොඩුව සහ කලවාන ප්‍රදේශයේ පදිංචි 19 සහ 25 වියැති තරුණියන් දෙදෙනකු සහ 23 සහ 17 වියැති තරුණයන් දෙදෙනෙකු ගේ ජීවිත මෙලෙස බේරාගත් බව පොලිසිය පවසයි.

සිව්දෙනා මුහුදේ දියනාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර වෙරලේ නිරීක්ෂණය කරමින් සිටි පොලිස් නිළධාරීන් මුහුදට පැන රෙස්කියු ටියුබ් ආධාරයෙන් සිව්දෙනා ගොඩගෙන ප්‍රථමාධාර ලබාදී පිටත්කර යැවූ බව ජීවිත ආරක්ෂක ඒකකය සදහන් කළේය.

Leave a Reply