රබර් පටිය සිරවි කුඩා දරුවෙකු ජිවිතක්ෂයට

කලවාන පොතුපිටිය, පනාපොල ප්‍රදේශයේ දී , සිය නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ ගෙලෙහි රබර් පටියක් ඒති ගෙල සිරවීමෙන් මියගොස් ඇති බව පොතුපිටිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පනාපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු නවයක පිරිමි දරුවකු බව පොලිසිය පවසයි.

එම දරුවා ප්‍රදේශයේ පාසලක හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් දරුවා සිය නිවසේදී රබර් පටියක යකඩ බෝර කටුවක් ගැට ගසා කරකවමින් සිටියදි බෝර කටුව ඔලුවේ වැදී පසුව රබර් පටිය තදින් ගෙලෙහි එතී ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොතුපිටිය පොලිසිය පවසයි.

Leave a Reply