රත්ගම මුහුදේ දියනෑමට ගිය පුද්ගලයෙකු මරුට

රත්ගම මුහුදේ අද (16) දහවල් දියනෑමට ගිය අඹුසැමියන් දෙදෙනෙකු දියේ ගිලිමෙන් පසු ඔවුන් ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු සැමියා මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි රත්ගම පදිංචි පුද්ගලයෙකි

මෙම යුවල හත් හැවිරිදි දරුවා සමග මුහුදේ නැමට ගොස් ඇති අතර දරුවා ගොඩ සිටියදී මුහුදේ නාමින් සිට ඇති අතර එහිදී දියේ ගිලී තිබේ. පසුව ප්‍රදේශවාසින් විසින් ඔවුන් දෙදෙනා ගොඩට ගෙන කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply