රත්ගමදී එක් දරු තරුණ මවක් ඝාතනය කරලා

රත්ගම ඕවකන්ද ප්‍රදේශයේදි අද (26) රාත්‍රි තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇතැයි රත්ගම පොලිසය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ 20 හැවිරිදි එක් දරු මවක් වන අතර පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසය පවසයි.

මියගිය කාන්තාව පදිංචි නිවස අසල පදිංචි පුද්ගලයෙකු විසින් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර මෙහිදි තුවාල ලැබු 43 හැවිරිදි තවත් කාන්තාවක්ද කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

සැකකරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *