රට බිත්තරය ලංකාවට ආවොත් ලෙඩ එන්න පුළුවන් අවදානමක්

බිත්තර හිටිහැටියේ ආනයනය සිදුකළහොත් ඇතැම් රෝග මෙරටට පැමිණිමේ අවදානමක් ඇති බවත් ඒත් සමඟම “ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා” (Avian influenza) නමැති වෛරස් රෝගී තත්ත්වය මෙරටට පැමිණීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා අද (03) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

එම නිසා බිත්තර ආනයනයට ගත් තීරණය යළි සලකා බලන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලීමක් ද කළේය.

වෙළෙඳපොළේ බිත්තර මිල ගණන් ඉහළ යාමත් සමග බිත්තර ආනයනය කිරීමට රජය ඊයේ (02) තීරණය කළේය.

Leave a Reply