රටේම අවධානය දිනු දෙව්මි රන්සරා දිරිය දියණිය සමුගනි

කෙටි කාලයකින් රටේම අවධානය තමන් වෙත දිනාගැනීමට සමත්වූ රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග දැරිය හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් තිබේ.

ඇය මාතර බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියේය.

උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය ශිෂ්‍යත්වය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත්වීමත් සමඟ රටේම අවධානය ඇය වෙත යොමුවිය.

සිය දෛවයට අභියෝග කරමින් අධ්‍යාපනයෙන් සුපිරි දස්කම් පෙන්වූ ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත.

විශේෂ අවශ්‍යතා සහිත දියණියක වන රත්මලේ කටුකරුඳුගහහේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාපක්ෂ දියණිය මෙලොව එළිය දකින්නේ 2004 ජූලි මස 02 වැනි දින මාතර මහ රොහලේදීය. ඒ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරියකුවූ මහින්ද කුලතුංග රාජපක්ෂ හා ගුරුවරියක වූ කුසුමිණි අබේගුණවර්ධන යුවළගේ කුලුඳුල් දියණිය ලෙසිනි.

2014 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දෙව්මි තම සිතේ සවිය කදිමට පෙන්නුම් කරමින් ලකුණු 177 ක් ලබා ගනිමින් සමත් වූවාය. 2020 අ. පො. ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි දෙව්මි ඇය පෙනී සිටි සියලු විෂයන් සියල්ලට A සමාර්ථ ලබාගනිමින් විශිෂ්ට ලෙස සමත්වූවාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *