තවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ
එම බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමටත් සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
කුරුළු උණ වසංගත තත්වය මත ආනයනයට අවසර දිය නොහැකි බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැළසුම් කළ නමුත් එය දිගින් දිගටම කල් දමන ලදි.
කුරුළු උණ වෛරසය මෙරටට ඇතුලුවීම වැළැක්වීමේ අරමුණින් බේකරි කර්මාන්තය තුළ ආනයනික බිත්තර භාවිතයේදී මාර්ගෝපදේශන මාලාවක් වහාම සකස් කරන ලෙසයි විෂයභාර අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත
ඒ අනුව බේකරි කර්මාන්තය තුළ බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගත යුතු අතර, බිත්තර කටු ආරක්ෂිතව බැහැර කරලීම හෝ විනාශ කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.