යුද හමුදා කෝප්‍රල්වරයකු සියදිවි හානි කරගෙන ජිවිතක්ෂයට

ගාල්ල කොටුව දෙවන ගැමුණු හේවා කදවුරට අනුයුක්තව රාජකාරි කරණු ලබන යුධ හමුදාවේ කෝප්‍රල් වරයකු අද (15) අලුයම ගෙල වැලලාගෙන දිවි හානිකරගෙන ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

මියගිය අය නුවර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදිවියේ පසුවන අයෙකු බවද පොලිසිය පවසයි.

මෙම යුද හමුදා සෙබලා සංඥා කාර්යාලයේ තනිව රාජකාරි යෙදී සිටියදි, කාර්යාලයේ තිබු වයර් එකක් උපයෝගි කරගෙන ගෙල වැලලා ගෙන ඇති බවට පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

මෙය පවුල් ආරවුලක් මත සිදු කර ගෙන ඇති බවට සැකකරනු ලබන අතර මේ පිළිබද වුධ හමුදා කදවුර මගින් ගාල්ල පොලිසියට දැනුම් දි ඇත.

මියගිය යුධ හමුදා කෝප්‍රල්වරයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය අද (15) ගාල්ල කරාපිටිය රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත.)

Leave a Reply