යුද හමුදාව හොඳ වැඩක් කරයි

රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුදල් හා තවත් වටිනා දේවල් සහිත ගමන් බෑගයක් විදේශ කාන්තාවක අමතක කර දමා ගොස් තිබියදී එම  බෑගයක් හිමි කාන්තාව සොයා බාර දීමට යුද හමුදාව කටයුතු කර තිබේ.

එම බෑගයේ රුපියල් ලක්ෂ 7 ක මුදල් සහ රුපියල් ලක්ෂ 3 ක් වටිනා කැමරාවක්, ඒ ටී එම් කාඩ්පත් දෙකක් තිබූ බව යුද හමුදාව පවසයි.

පීරූ රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ජැක්ලින් ස්ලින්ඩා නැමැති එම කාන්තාවක් අවුකන බුදු පිළිමය අසල සිය බෑගය අමතර කර දමා ගොස් ඇත. පසුව මෙම ස්ථානයේ රාජකාරි කරමින් සිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකයේ කෝප්‍රල් එන්. ඊ ඩී පී නානායක්කාර මහතා එම බෑගය දැක එය යුද හමුදා පොලිසිය වෙත බාර දී ඇත.

එම විදේශිය කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු සොයා අනණ්‍යතාව තහවුරු කරගෙන පසුව ඇයට එම බෑගය බාර දුන් බව හමුදාව පවසයි.

Leave a Reply