යාපනයේ කල්ලි දෙකක් අතර අද (24) චුන්නාකම් ප්රදේශයේදී සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.
යාපනය කංකසන්තුරෙයි මාර්ගයේ චුන්නාකම් මංසන්ධිය ප්රදේශයේදී අදාල කල්ලි දෙකේ සාමාජිකයින් කාර් රථයකින් සහ කැබ් රථයකින් මුහුණට මුහුණ ගැටී ඇති අතර වාහන දෙක ගැටීමෙන් අනතුරුව එහි සිටි සාමාජිකයෙන් තියුණු ආයුධ අතැතිව පහරදීගෙන මාර්ගයේ ගමන්ගත් ජනතාවටද තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇතැයි වාර්තාවේ.
අදාල ගැටුමෙන් මෝටර් රථයකට සහ කැබ් රථයකට මෙන්ම යතුරුපැදියකටද බරපතල හානි සිදුව ඇත.
ගැටුම ඇති වී ඇති පිරිස් ආවා කල්ලියේ සහ කැනී කල්ලියේ සාමාජිකයින් බවට පොලිසිය සැක පල කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.