යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයස දරුවා පැහරගෙන

බම්බලපිටිය නගරයේ පිහිටි සිඟමන් යදිමින් සිටි බව කියන කාන්තාවකගේ මාස එකහමාරක් පමණ වයසැති දරුවා කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණ පැහැරගෙන ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.

සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව මේ බව බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

බම්බලපිටිය නගරයේ පිහිටි ආයතනයක් අසල මෙම කාන්තාව අත දරුවාද වඩාගෙන සිඟමනේ නිරතව සිටි ඇත.

ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක් සහ තවත් පුද්ගලයකු දරුවාට ඇඳුම් පැළඳුම් මිලදීගෙන දෙන බව කියා ඇය දරුවා ද සමඟ එම ත්‍රිරෝද රථයේ ගොඩ කරවාගෙන දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි රෙදි සාප්පුවක් වෙත රැගෙන ගොස් ඇඳුම් පැළඳුම් ලබා දී මෙම පැහැරගැනීම සිදුව ඇති බව පැමිණිල්ලක් ලැබි ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කාන්තාව සමඟ පැමිණි පුද්ගලයා සහ ත්‍රිරෝද රථ රියදුරා අත දරුවා උදුරා ගෙන යාචක කාන්තාව ත්‍රිරෝද රථයෙන් බිමට ඇද දමා අත දරුවාද පැහැර ගෙන පලාගොස් ඇතැයි වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

One thought on “යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයස දරුවා පැහරගෙන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *