යතුරු පැදිය තාප්පයක ගැටී ගුරුවරයෙකු ජිවිතක්ෂයට

හබරාදුව මිහිරිපැන්න ප්‍රදේශයේදි යතුරු පැදියක් නිවසක තාප්පයක හැපි යතුරු පැදියේ ගමන් ගත් ගුරුවරයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අද (12) සවස මියගොස් ඇතැයි හබාදුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කොටවිල මහා විදුහලේ 45 හැවිරිදි ගුරුවරයෙකි.

ඔහු අද දහවල් යතුරු පැදියෙන් මාතර දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදි යතුරු පැදිය පාර අයිනේ නිවසක තාප්පයේ හැපිමෙන් අනතුර සිදුව ඇති අතර පසුව බරපතල තුවාල ලබාසිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මියගිය අයගේ මරණ පරික්ෂණය හෙට කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිත අතර හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply