යතුරු පැදියේ ට්‍රිබල් ගිය පාසල් සිසුවා අවසන් ගමන් යයි

ගල්ගමුව පාලුකඩවල අතරගල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව ඇළකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු තිදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී 15 හැවිරිදි පාසල් සිසුවා මියගොස් තිබේ.

එම සිසුවා විසින් යතුරු පැදිය ධාවනය කර ඇති බවට හඳුනාගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *