යතුරු පැදියේ ටයරය පුපුරා කාන්තාවක් මරුට

හලාවත ඉරණවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ටයරය පුපුරාගොස් සිදු වූ අනතුරකින් තිදරු මවක මිය ගොස් ඇගේ දරුවන් දෙදෙනා හා සැමියා බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලිසිය පවසයි.

හලාවත මැදවත්ත ප්‍රදේශයෙ පදිංචි 40 හැවිරිදි තිදරු මවක් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මරණයට පත් කාන්තාව ඇගේ සැමියා පැදවු යතුරු පැදියේ සිය දෙදෙනා සමග ගමන් කරමින් සිටියදී එකවරම යතුරු පැදියේ පිටුපස රෝදය හදිසියෙ පුපුරා යාමත් සමග එය පාලනය කර ගැනිමට නොහැකි විමත් සමග පෙරළි ගොස් ඇත

ඒ සමගම පාලනයෙන් ගිලිහි ගිය යතුරු පැදිය පෙරළි මාර්ගය මැදට විසිවි ගිය කාන්තාව  පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයකට යටවි එම ස්ථානයෙදීම මරණයට පත්වි ඇති බව වාර්තාවේ.

අනතුර සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply