යතුරු පැදියකින් ගමන් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිය අනතුරකින් ජිවිතක්ෂයට

දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී.එච්.පියසේන මහතා අද (17) උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව අක්කරපත්තුව පොලීසිය පවසයි.

පොතුවිල් අක්කරපත්තුව මාර්ගයේ යතුරු පැදියකින් කුඹුරට ගොස් එමින් සිටියදී පොතුවිල දෙසින් එකම දිසාවට ගමන් කල බස් රථයක ගැටී  මෙම රිය අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලබා සිටි හිටපු මන්ත්‍රී පිය‍සේන මහතා එම අවස්ථාවේම අක්කරපත්තුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා කල්මුණ රෝහලට ගෙන ගොස් තිබේ.

2010 පාර්ලිමේන්තු මහ මැති වරණයේදී  පි.එචි.පියසේන මහතා (TNA ) දෙමළ ජාතික සංවිධායක යටතේ තරඟ කොට මන්ත්‍රී වරයෙක් ලෙස පත්ව එවකට පැවති රජයට සහය දුන් අයෙකු වන අතර ඔහුගේ සමාජ සේවා කටයුතු නිසා ජනප්‍රිය වි සිටියේය

බසයේ රියැදුරා සමඟ එම බසයද අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply