යතුරුපැදිය බසයක් පෙරලයි

සුඛෝපභෝගී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් යතුරු පැදිය පදවාගෙන පැමිණි කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින් ගෝනපොල කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා තිබේ

අනතුරත් සමග රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් තිබෙන අතර අනතුර සිදුවෙන අවස්ථාවේ බස් රථයේ මගීන් සිට ඇතත් ඔවුන්ට අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *