යක්කලමුල්ලෙන් යතුරුපැදියක් ඉස්සු බාලවයස්කාර දැරියක් ළමා රැඳවුම් නිවාසයට

යක්කලමුල්ල නිවෙසක නතර කර තිබූ යතුරුපැදියක් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල 13 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලබන 01වනදා දක්වා කිතුලම්පිටිය ළමා රැඳවුම් නිවාසයේ රඳවා තැබිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළේය.

යුවලක් ඉකුත් 16දා පා ගමනින් ගමන් කරමින් සිටියදී ඇල්ල ඉහළ ප්‍රදේශයේ නිවෙසක ගරාජයක යතුරුපැදියක් නතර කොට තිබී ඇත. ගරාජයට ඇතුළු වූ මෙම යුවළ යතුරුපැදිය පණ ගන්වා ඇති අතර ඒ සමඟ නිවෙසේ පාඩම් කරමින් සිටි දරුවකුට එය ඇසී ඇත. මෙම යුවළ යතුරුපැදිය පදවාගෙන යද්දී ඒ පසුපස තරුණ පිරිසක් හඹා ගොස් ඇත. යුවළ යතුරුපැදිය සමඟ මාර්ගයේ වැටී ඇති අතර ඒ සමඟ තරුණයා පැන ගොස් ඇත. තරුණිය ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී ඇත. මෙම තරුණිය වයස අවුරුදු 13ක් හා මාස 05ක් වියැති බාලවයස්කාර දැරියක බව පසුව අනාවරණය වී ඇත. දැරිය මොරවක ප්‍රදේශයේ සහ තරුණයා ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය පවසයි.

තරුණයා දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇත. මොහු දැරිය සමඟ පැමිණ යක්කලමුල්ල ප්‍රදේශයේ වතු නිවාසයක පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි.

මෙම දැරිය ඊයේ (17) යක්කලමුල්ල පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply