මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දැනට ඇති රියැදුරු බලපත් විදෙස් ගතවන්නන් සඳහා පමණයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියැදුරු බලපත්‍ර විදෙස් ගතවන නව බලපත්‍රලාභීන්ට පමණක් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් බලපත්‍ර අයැදුම්කරුවන් සඳහා දී ඇති මුද්‍රිත රියැදුරු බලපත්‍රය මාස 06ක වලංගු කාලයක් සඳහා නිකුත් කර තිබුණද එය වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එසේම බලපත්‍ර වලංගු කාලසීමා දීර්ඝ කිරීම සඳහා අයැදුම්කරුවන් පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ කොළඹ වේරහැර කාර්යාලයට පැමිණීමෙන් කර ගැනීමට හැකි බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

රියැදුරු බලපත්‍ර ප්ලාස්ටික් මුද්‍රණ කාඩ්පත් හාරලක්ෂ පනස්දහසක තොගයක් ඔස්ටි්‍රයානු සමාගමකින් කළ ඇණවුමකට අනුව ලබන සතියේ ලැබෙන්නට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබේ.

Leave a Reply