මාතරදී මෝටර් රථයක් මහ පාරෙන් මුහුදට යයි

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ධාවනය කළ මෝටර් රථයක් අද (18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයේ මුහුදට පෙරලි අනතුරට ලක් වීමෙන් එය පැදවු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු තුවාල ලබා ඇති බව මාතර පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබු ආචාර්යවරයා වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර රෝහල වෙත ඇතුළත් කර ඇත

දෙවිනුවර දෙස සිට මාතරට එන අතරතුරදී මෝටර් රථය පාරෙන් ඉවතට ගොස් මුහුදට වැටී ඇති අතර පසුව වහාම ක්‍රියාත්මක වු ඒ අවට සිටි පිරිස එක්ව රියදුරු අසුනේ සිටි ඔහු බේරා ගෙන ගොඩට රැගෙන පැමිණ තිබේ

Leave a Reply