නුවර සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු දුම්රියේ, ගාල්ල කොග්ගල ප්‍රදේශයේ දී මොටර් රථයක් ගැටීමෙන් අද (16) දහවල් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.
කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව තිබේ.
අනතුරට ලක්වු මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙක් සිරවී සිටි අතර ඔවුන්ව බේරාගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරීය.