“මෝචා” දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වෙමින් පවතින “මෝචා” සුළි කුණාටුව සිකුරාදා (12) වන විට ඉතා දරුණු කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇඟවීමක් සහිත නිවේදනයක් නිකුත් කර තිබේ

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් මේ වන විටත් නිර්මාණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාලය ඇතුළු නැගෙනහිර ප්‍රාන්ත සිදුවිය හැකි අවධානමට මුහුණ දීම සඳහා සූදානම් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුව, “මෝචා” සුළි කුණාටුව ඊයේ(09) දින පීඩන අවපාතයක් බවට පත්ව අද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවත්, සිකුරාදා දිනයේ බංගලාදේශය සහ මියන්මාර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් සඳහන්.

Leave a Reply