මොඛා නිසා රෝහින්ග්‍යා සරණාගතයන් මානුෂිය අර්බුදයක

ඉතා චණ්ඩ මෝඛා සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරය සහ බංග්ලාදේශ ස්වේච්ඡා සේවකයන් දහස් ගණනක් යොදවා වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට ක්‍රියාකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැයට කිලෝමීටර් 145 (සැතපුම් 90) දක්වා වේගයෙන් සුළං හමායා හැකි බවට කාලගුණ අනාවැකි පළකර ඇති අතර මෙම සුළි කුණාටුව ඉරිදා (14) බංග්ලාදේශ – මියන්මාර දේශ සීමාව හරහා ගොඩබිමට ඇතුළු වනු ඇති බව ජාත්‍යන්තර හා ඉන්දීය කාලගුණ අංශ පුරෝකථනය කර ඇත.

බංගලිදේශයේ වෙරළබඩ ප්‍රදේශයේ දස දහස් සංඛ්‍යාත රෝහින්ග්‍යා සරණාගතයින් රැඳි සිටින විශාල කඳවුරු භූමියට බරපතළ හානි සිදුවිය හැකි බව කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මේ අතර එක්සත් ජාතින්ගේ සරණාගත ඒජන්සිය ඇතුළු ජාත්‍යන්තර සහන සංවිධාන රෝහින්ග්‍යා සරණාගතයන් ඇතුළු විපතට පත්විය හැකි ජනතාවට සහන සැලසිම සදහා කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රෝහින්ග්‍යා සරණාගතයන් රැඳි සිටින කඳවුරු භූමියට සුළි කුණාටුවෙන් ඇති විය හැකි බලපැම විශාල මානුෂිය අර්බුදයක තර්ජනයක් විය හැකි බවට ලෝක කාලගුණ සංවිධානය බිය පළකර තිබේ..

Leave a Reply